නව HIV ආසාදිතයින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ෆීජි රාජ්‍යය විසින් HIV තත්ත්වය ජාතික අර්බුදයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රොයිටර් පුවත් සේවයට අනුව, 2025 වසරේදී පමණක් එරටින් නව ආසාදිතයින් 2,016 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ජනගහනයෙන් වැඩිහිටියන් 60 දෙනෙකුගෙන් එක් අයෙකු පමණ HIV ආසාදිතයෙකු ලෙස ජීවත් වන බව ඇස්තමේන්තු කර ඇත.
UNAIDS සංවිධානයට අනුව ලොව වේගයෙන්ම HIV ව්‍යාප්ත වන රටක් බවට පත්ව ඇති ෆීජි හි, පසුගිය වසරේ ජීවත් වූ 9,100ක් පමණ වූ ආසාදිතයන්ගෙන් තමන්ට වෛරසය ඇති බව දැන සිට ඇත්තේ 39%ක් සහ ප්‍රතිකාර ලබාගෙන ඇත්තේ 22%ක් වැනි අඩු ප්‍රතිශතයකි.
එන්නත් මගින් මත්ද්‍රව්‍ය භාවිත කිරීම සහ ලිංගික සම්ප්‍රේෂණය මෙම ව්‍යාප්තියට ප්‍රධාන ලෙස බලපා ඇති අතර, නොමිලේ හා රහසිගත පරීක්ෂණ, ඖෂධ පහසුකම් පුළුල් කිරීමට මෙන්ම අර්බුදය පාලනය සඳහා අමාත්‍යවරුන් පස්දෙනෙකුගෙන් යුත් කැබිනට් අනුකමිටුවක් පත් කිරීමටද ෆීජි රජය පියවර ගෙන තිබේ.

