දේශීය ආදායම් සංශෝධන පනතට අනුව විනිසුරුවරුන්ගේ වැටුප්වලින් අත්තිකාරම් පෞද්ගලික ආදායම් බදු (APIT) අයකිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය නීත්‍යනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
එම බදු අයකිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය, අධිකරණ නිලධාරීන්ගේ සංගමය (දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් සහ අතිරේක මහෙස්ත්‍රාත්වරුන් නියෝජනය කරන) සහ කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන්ගේ සංගමය විසින් ගොනු කර තිබූ අභියාචනා පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩු තීන්දුව ලබා දී ඇත.

