15 වැනි IMF – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද ඇරඹෙයි

0
12

ආසියානු රටවල් සඳහා වන 15 වැනි IMF – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද (17) ජපානයේදී ආරම්භ වේ. හෙට (18) දක්වා පැවැත්වෙන මෙම රාජ්‍යතාන්ත්‍රික සමුළුවට සහභාගී වීම සඳහා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා ජපානය බලා පිටත්ව ගොස් තිබේ.

ආසියානු කලාපයේ බදු ප්‍රතිපත්ති සහ පරිපාලනය පිළිබඳ අවධානය යොමු කෙරෙන මෙම සමුළුව සඳහා ජාත්‍යන්තර විශේෂඥයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ජ්‍යෙෂ්ඨ බදු නිලධාරීන් රැසක් එක්වීමට නියමිතය.

දේශීය ආදායම් එකතු කිරීම ශක්තිමත් කිරීම, බදු පාලනය කාර්යක්ෂම කිරීම මෙන්ම ජාත්‍යන්තර බදුකරණයේදී මතුවන අභියෝගයන් සම්බන්ධයෙන් අත්දැකීම් හුවමාරු කරගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here