රාජ්‍ය අනුග්‍රහයෙන් ‘Trump TV’ සජීවී නාලිකාව ආරම්භ කෙරේ

0
7

රුසියාවේ සහ උතුරු කොරියාවේ රාජ්‍ය මාධ්‍ය ආකෘතියට සමානව, ඇමෙරිකානු ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපතිවරයෙකුගේ නමින් ක්‍රියාත්මක වන “Trump TV” නම් නිල රාජ්‍ය ස්ට්‍රීමිං (Streaming) නාලිකාව ආරම්භ කිරීමට ට්‍රම්ප් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශ පැය 24 පුරා සජීවීව විකාශය කරන මෙම නාලිකාව හරහා පාලනාධිකාරියේ වඩාත්ම වැදගත් නිල පුවත් සෘජුවම ජනතාව වෙත ගෙන යන බව ධවල මන්දිරය පවසයි.

CNN, MS NOW සහ Politico යන ප්‍රමුඛ මාධ්‍ය ආයතන තුනට ධවල මන්දිර පරිශ්‍රය තහනම් කර දින තුනකට පසු මෙම තීරණය ගෙන ඇති අතර, එම මාධ්‍ය තහනමට විරෝධය පළ කරමින් ඇමෙරිකාවේ ප්‍රධාන රූපවාහිනී නාලිකා පහක (Five-network TV pool) මාධ්‍යවේදීන් ජනාධිපති ට්‍රම්ප්ගේ දෛනික පුවත් ආවරණය කිරීමෙන් ඉවත් වී (Boycott) තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here