ඉන්දීය ප්රිමියර් ලීග් (IPL) තරගාවලියේ සාර්ථකම කණ්ඩායමක් වන චෙන්නායි සුපර් කිංග්ස් (CSK) හි නව ප්රධාන පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය වේගපන්දු යවන ක්රීඩක සහීර් ඛාන් පත්කර තිබේ.
ඊයේ (21) අදාළ පත්වීම නිල වශයෙන් නිවේදනය කෙරුණු අතර, මෙතෙක් කාලයක් ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ස්ටීවන් ෆ්ලෙමින්ග් වෙනුවට ඔහු මෙම තනතුරට පත්ව සිටියි.
මීට පෙරද IPL කණ්ඩායම් රැසක පුහුණුකරුවෙකු සහ උපදේශකයෙකු ලෙස අත්දැකීම් ඇති සහීර් ඛාන්, එළඹෙන 2027 IPL තරගාවලියේදී චෙන්නායි කණ්ඩායමේ මෙහෙයවීම් කටයුතු භාර ගැනීමට නියමිතය.

