වත්මන් “සුපිරි එල් නිනෝ” (super El Niño) තත්ත්වය හේතුවෙන් පැසිෆික් සාගරයේ ජලය උණුසුම් වීමත් සමඟ නිර්මාණය වූ “දුජුආන්” (Dujuan) ප්රබල සුළි කුණාටුව හේතුවෙන් ජපානයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
පැයට කිලෝමීටර 130ක ස්ථාවර සුළං වේගයක් සහ පැයට කිලෝමීටර 194 දක්වා වූ දැඩි සුළං ප්රහාරයන් සහිත මෙම කුණාටුව ටෝකියෝ අගනුවර ආසන්නයට ගමන් කිරීමත් සමඟ ප්රාන්ත පහක මිලියන 1.6ක ජනතාවකට වහා ඉවත් වන ලෙස නිවේදන නිකුත් කර ඇත.
නායයෑම් හේතුවෙන් කනාගාවා සහ චිබා ප්රාන්තවල පුද්ගල හානි වාර්තා වන අතර, ටෝකායි කලාපයට මිලිමීටර් 350 දක්වා වාර්තාගත වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කුණාටු සහිත ආන්තික කාලගුණය නිසා ගුවන් ගමන් 300ක් පමණ අවලංගු කර දුම්රිය සේවා ද අත්හිටුවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

