ගිරිඋල්ලේදී පොලිස් අණට පිටුපෑ මෝටර් රථයට පන්නලදී අත්අඩංගුවට

0
4

ගිරිඋල්ල ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා වේගයෙන් ධාවනය කළ සුඛෝභෝගී මෝටර් රථයකට වෙඩි තබා, පන්නල නගරයේදී හරස් කර වටලා එහි සිටි රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිරිඋල්ල පොලීසිය සමත් වී තිබේ.

රථය පරීක්ෂා කිරීමට සංඥා කිරීමේදී එය නොනවත්වා ධාවනය කිරීම නිසා පොලීසිය ලුහුබැඳ ගොස් වෙඩි තැබීමක් ද සිදුකර ඇති අතර, පසුව පන්නලදී වාහන හරස් කර රථය නවතාගෙන ඇත.

එහිදී දොරවල් විවෘත කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා පොලිස් නිලධාරීන් ටී-56 ගිනි අවියකින් රථයේ වීදුරුවකට පහරදී බිඳ දමා සැකකරුවන් පිටතට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් රියදුරු සන්තකයේ තිබී මත්ද්‍රව‍ය සුළු ප්‍රමාණයක් ද සොයාගෙන ඇති අතර, ගිරිඋල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් වන මොවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here