යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධීකරණ නඩුව යළි ඇරඹෙයි

0
10

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ මේ වන විට ආරම්භ වී තිබේ.

පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ මෙම නඩු විභාගය පැවැත්වෙයි.

දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලින් රුපියල් ලක්ෂ 730කට අධික මුදලක් වැය කර ඉඩම් කොටස් 5ක් මිලදී ගැනීම හරහා මුදල් විශුද්ධීකරණ පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here