ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

0
12

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඌව පළාත සහ අම්පාර, මඩකලපුව හා හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (30) පෙරවරු 11.30ට නිකුත් කරන ලද මෙම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වේ. ඒ අනුව, සවස් හෝ රාත්‍රී කාලයේදී එම ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here