අමෙරිකානු මධ්යවාර මැතිවරණයට තවමත් ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණි. කෙසේ වෙතත්, මේ වන විටත් මිලියන 43කට අධික ඡන්දදායකයින් පිරිසක් සිය ඡන්දය ප්රකාශ කර අවසන් බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
ලබන නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත මෙම අතිශය තීරණාත්මක මැතිවරණයෙන්, ඉදිරි වසර දෙක සඳහා අමෙරිකානු කොංග්රස් මණ්ඩලයේ පාලන බලය හිමිකරගන්නා දේශපාලන පක්ෂය කුමක්ද යන්න තීරණය වීමට නියමිතව ඇත.
ෆ්ලොරිඩා විශ්වවිද්යාලයේ ‘Election Lab’ ආයතනය විසින් නිකුත් කරන ලද නවතම දත්ත පෙන්වා දෙන්නේ, මේ වන විට දිනකට මිලියන 4ත් 5ත් අතර පිරිසක් කල්තියා ඡන්දය ප්රකාශ කිරීමේ ක්රමවේදය භාවිත කරමින් සිටින බවයි. පර්යේෂකයින් පෙන්වා දෙන පරිදි, මෙය පසුගිය මැතිවරණ රැසකට සාපේක්ෂව ඉතා ඉහළ ඡන්ද ප්රකාශ කිරීමේ අනුපාතයකි.
විශේෂයෙන්ම ටෙක්සාස් ප්රාන්තයේ ඡන්දය ප්රකාශ කිරීමේ ප්රතිශතය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, එහි පමණක් මිලියන 5.8කට අධික පිරිසක් මේ වන විටත් ඡන්දය භාවිත කර ඇත. මෙම සංඛ්යාව 2022 වසරේ පැවති මධ්යවාර මැතිවරණයේදී ප්රකාශ වූ මුළු ඡන්ද සංඛ්යාවට වඩා මිලියන 1.75කින් පමණ ඉහළ යෑමක් බවද වාර්තා වේ. එබැවින්, අමෙරිකානු සෙනෙට් සභාවේ ඉදිරි පාලන බලය තීරණය කිරීමේදී ටෙක්සාස් ප්රාන්තය මෙවර අතිශයින්ම තීරණාත්මක සාධකයක් වනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයෝ මත පළ කරති.

