රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් එක්දින වැඩවර්ජනයක් සහ විරෝධතා පාගමනක්

0
8

ආචාර්යවරුන් සහ භෞතික සම්පත් හිඟය මෙන්ම අධික රාජකාරි බර ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින්, සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද (30) දින එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.

මෙම එක්දින වැඩවර්ජනයට සමගාමීව, අද පෙරවරුවේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ වන පරිදි විරෝධතා පාගමනක්ද සංවිධානය කර ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම් සම්මේලනය නිවේදනය කරයි.

මීට අමතරව, මෙම වර්ජනයට අදාළව කොළඹදී විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට ද නියමිත බව එම සම්මේලනය වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here