මොස්කව් ප්‍රහාරය, ක්‍රෝකස් ත්‍රස්ත ප්‍රහාරය සහ ගාසා සමුළ ඝාතනය අතර සම්බන්ධය කුමක්ද?

0
90
NEWSNOW | –
ඊනියා ISIS සංවිධානය විසින් හිමිකම් පා ඇති පසුගිය මොස්කව් නගරයේ ක්‍රෝකස් නගර ශාලවේ සිදු කරන ලද ත්‍රස්ත ප්‍රහාරය සහ ගාසා සටන් විරාම යෝජනාවක් සම්මත කිරීමේදී පසුගියදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රාජ්‍යතාන්ත්‍රික නාඩගම අතර කිසිදු සම්බන්ධයක් නැති බවක් බැලූ බැල්මට පෙනීය හැකිය. නමුත් මෙම සංසිද්ධි දෙක අතර වසන් කළ නොහැකි නෑකමක් තිබේ.
පළමුව අප සිද්ධියට ISIS සම්බන්ධය වෙත යොමු වෙමු. පසුගිය සිකුරාදා දිනෙක සවස මොස්කව් නගරයට නුදුරින් පිහිටි ක්‍රොකස් නගර මණ්ඩපයට එල්ල වූ තුස්ත ප්‍රහාරයෙහි ISIS ත්‍රස්ත සංවිධානයේ කුලී හේවා චත්‍රයේ මුද්‍රා අපමණ පෙනෙන්නට තිබුණි. එමඟ සංවිධනය උපත ලැබුවේ 2011 දී ඉරාකයේ අටු මුසාබ් අල්-සර්’කාන්ගේ අල් කයිදාවල අළු වලිනි. මෙම සංවිධානය ඉස්ලාමීය නමක් උසුලා සිටියද ISIS සංවිධානයේ ඉස්ලාමීය ස්ථාවරය පිළිබඳ ප්‍රශ්න සැමවිටම පැවතුණි.

හිටපු සුපිරි KGB සාමාජිකයෙකු වන රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් ඔත්තු බැලීමේ කලාවෙහි විශාරදයෙක් බවට විතර්’කයක් තිබිය නොහැකිය. බුද්ධි අංශ ක්‍රියාත්මක වන ආකාරය සහ එහි රසායනාගාරවල සැලසුම් නිෂ්පාදනය කරන ආකාරය පුටින්ට වඩා හොඳින් දන්නා පුද්ගලටයෙක් ලෝකයේ තවත් නැත.
යුක්රේනයට සම්බන්ධ සංවිධාන වෙතින් ත්‍රස්ත ප්‍රහාර ඇති විය හැකි අවදානම හමුවේ රුසියාව ත්‍රස්ත ප්‍රහාර පිලිබඳ දැඩි වීමසිල්ලෙන් සිටියද මොස්කව් ප්‍රහාරය වැලැක්වීමට රුසියාවට හැකි වුයේ නැත. මේ පිළිබඳව ප්‍රශ්න මතු වුවද නොපමාව සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට රුසියාවට හැකි වීම රුසියාවේ කාර්’යක්ෂමකතාවයට හොඳ සාධකයකි. සැකකරුවන් සියලුම දෙනා රුසියාවේ පදිංචි ටජිකිස්තාන් ජාතිකයන් වුහ.

එක්සත් ජනපදය සහ එහි සහචරයින් ප්‍රහාරයේ චෝදනාව ISIS මත පටවන නමුත් පුටින් එය පිළි ගන්නා පාටක් නැත. ISIS වැඩ කරන්නේ කා සමගද හා කවුරුන් වෙනුවෙන්ද යන කරුනු පුටින් මනාව දනියි. අල්ලා ගන්නා ලද සැකකරුවන්ගෙන් කිසිම කෙනෙක් වෙත ISIS පන්නරයක් තිබී නැත. නමුත් ISIS සංවිධානයේ අළුත්ම ශාඛාව වන ISIS – K කියා සිටින්නේ අල්ලා ගත් සැකකරුවන් තමන්ගේ සාමාජිකයන් බවයි. ISIS-K වල ඇති K අක්ෂරයෙන් කියැවෙන්නේ “කොරොශාන්‍” යන්නයි. කොරොශාන් වනාහි ඇෆ්ගනිස්ථානයේ සහ ඉරානයේ කොටස් ඇතුලත් වන ප්‍රදේශයක් වන අතර කොරොශාන්වලට ආගමික වැදගත්කමක්ද ඇත. එසේ නමුත් සැකකරුවන් පොපොච්චාරණය කරන විට කියා ඇත්තේ තමන් රුබල් මිලියන භාගයක කොන්ත්‍රාත්තුවක් අනුව මොසක්ව ප්‍රහාරය සිදු කළ බවයි. ඒ මස මුස්ලිම් ජිහාද් සටන්කරුවන් සේ මරණින් මතු ස්වර්’ග රාජ්‍යයක් හෝ එහි කන්‍යාවියන් වෙනුවෙන් එය කළ බවක් ඔවුන් කියා නැත.
ISIS කතාව ආරම්භ වන්නේ ත්‍රස්තවාදයට සම්බන්ධ නැති සටන්කාමි ක්‍රියාකාරකම් සඳහා 2004 වකවානුවෙහි ඇමරිකන් හමුදාව ඉරාකය ආක්‍රමණය කර සිටි අවස්ථාවෙහි ඔවුන් විසින් අවාද් ඉබ්‍රාහීම් අලි අල් බද්දී නම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමත් සමගය. පසුව ඔහුව එක්සත් ජනපදය විසින් පාලනය කරන ලද බුකා කඳවුරට සිරදඩුවම් සඳහා යවන ලදි. එනමුත් බුකා කඳවුර යනු ඉබ්‍රාහීම් වැනි අවශේෂ සටන්කාමීන් සඳහා ඉදි කරන ලද්දක් නොවේ. එහි සිටියේ බිහිසුණු අල්-කයිදා සැකකරුවන්ය. නිව්ස්වීක් සඟරාවේ ලිපියකට අනුව බුකා කඳවුරේ දරුණු රැඳවියන් එහි පාලකයන් සමග නිතර දැඩි ලෙස කලහ කර ඇත. නමුත් ඉබ්‍රාහිම් පාලකයන්ට ඉතා කීකරුව සිටි අතර කඳවුරේ යම් හික්මීමක් ගෙන ඒමට ද ඉබ්‍රාහීම් කඳවුරේ නිලධාරීන්ට සහය වී ඇත. යහ කල්ක්‍රියාව නිසා මාස දහයකින් ඉබ්‍රාහීම්ව නිදහස් කරන ලද අතර පසුව ඔහු අබු බකර් අල්- බග්දාද් නමින් ප්‍රකට වී අඩපණවී තිබුනු අල්කයිදා සංවිධානයට නව මුහුණුවරක් දෙමින් ‘ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය රජ්‍යය හෙවත් ISIS නමින් සංවිධානයක් ආරම්භ කළේය.
පසුව සිතා ගන්නටත් නොහැකි පරිදි 2013 වසරෙහි ඇමරිකානු හමුදාව විසින් දැඩි රැකවල් තබා තිබූ ඉරාකයේ සිරගෙයක් බිඳ ත්‍රස්තවාදී ක්‍රියා වෙනුවෙන් එහා රඳවා තිබු දරුණු සිරකරුවන් 500කට වැඩි ප්‍රමාණයක් පිටතට ගන්නට ඉබ්‍රාහිම් සමත් විය. එසේ පිටතට ගන්නා ලද සිරකරුවන්ව අසල නවතා තිබු ලොරිවලට පටවා ඉරාක සීමාවෙන් පිට සිරියාවට යවන්නට පවා ඉබ්‍රාහිම් කටයුතු සූදානම් කර තිබුනි.
ISIS සංවිධානයේ අරමුණු බටහිර රටවල්, සමහර අරාබි ගල්ෆ් රාජ්‍යයන් සහ ඊශ්‍රායලයේ අරමුණු සමග සමාන විය. ඔවුන් සැමටම අවශ්‍ය වුයේ සිරියාවේ පාලනයෙන් හෆෙස් අල් අසාද්ව නෙරපා හැරීමයි. මේ අතර බොහෝ විට ISIS සංවිධානයේ ගුවන් හමුදාව ලෙස කටයුතු කළේ ඊශ්‍රායලයයි. අසාද්ගේ සිරියානු හමුදා ස්ථානගත වී සිටි පෙදෙස්වලට ISIS සාමාජිකයන් කඩිනමින් ප්‍රවාහනය කිරීම සහය වුයේ ඊශ්‍රායලයයි. එපමණක් නොව. තුවාල ලැබූ අසාද් විරෝධී සටන්කාමීන් මෙන්ම ISIS සාමාජිකයන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නේද ඊශ්‍රායලයයි.
මේ අනුව ISIS යනු බලවත් බටහිර හා ඇතැම් අරාබි රටවල මෙන්ම ඊශ්‍රායෙලයේ පර්’යේෂනාගාරවල නිර්’මාණය කරන ලද ෆ්‍රැන්කන්ස්ටින් නිර්’මාණය කළා වැනි රකුසෙකුය යන මතය බැහැර කළ නොහැක. එසේ වුවද අවසානයෙහි එම රකුසා තම ජවය වටහා සිය ස්වාමීන්ට එරෙහි වන්නට තීරණය කළේය. එවිට ඇමරිකාවද ISIS සංවිධානයට මාධ්‍ය හරහා රකුසු මුහුණක් ආදේශ කරන්නට පටන් ගත්තේය. පසුව ඉබ්‍රාහිම් හෙවත් අබුබක්කර් අල් බග්දාදීව 2019 වසරෙහි විශේෂ මෙහෙයුමක් හරහා ඝාතනය කරන්නට ඇමරිකාව සමත් විය. එමෙන්ම ISIS සංවිධානයට එරෙහි සටනේ මුවාවෙන් සිරියාවේ හමුදා ස්ථාන ගත කිරීමක් කරන්නටද ඇමරිකාවට මග පෑදුනි.
මොස්කව් ප්‍රහාරය සාධාරණීකරණය කරමින් ISIS පැවසුවේ රුසියාවේ දෑත්වල මුස්ලිම් රුධිරය තිබෙන බව තමා විශ්වාස කරන නිසා එම ප්‍රහාරය එල්ල කළ බවයි. ප්‍රහාරයකට හේතුව මුස්ලිම් ඝාතණය නම් ISIS ඉලක්ක කළ යුත්තේ රුසියාව නොව ඊශ්‍රායලයයි. මුස්ලිම් ජනසංහාරයක් සිදු කරමින් සිටින්නේ ඊශ්‍රායෙලය මිස රුසියාව නොවේ. එනමුත් ඊශ්‍රායලය සමග ISIS සටන් නොකරයි. එපමණක් නොව පලස්තීන ප්‍රශ්නය මුස්ලිම් ලොවේ ප්‍රමුඛතම ප්‍රශ්නය නොවිය යුතුය යයි 2016 මාර්’තුවේ මාධ්‍ය සාකච්ඡාවකදී ISIS ප්‍රධානියෙක් අදහස් දැක්වූයේය. මේ අනුව ISIS යනු ඊශ්‍රායෙලයේ හා බටහිර අධිරාජ්‍යවාදයේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන හා ඔවුන්ට හීලෑ කල්ලියක් බව පැහැදිලි විය.
‘ඉස්ලාමීය ත්‍රස්තවාදය යන වහර 1984 වසරෙහි පළමුවෙන්ම ලොවට හඳුන්වා දුන්නේ වත්මන් ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු යයි ප්‍රකට බ්‍රිතාන්‍ය සමාජ විද්‍යාඥයෙකු වන ඩේවිඩ් මිලර් පෙන්වා දෙයි. එයින් පසුව යුදෙව් ගැති හා යුදෙව්වන්ට හිමි බටහිර මාධ්‍යය එය ලොව පුරා ප්‍රචලිත කළේය. එහි අරමුණ වුයේ සිය රට යුදෙව්වන්ගෙන් ගලවා ගන්නට සටන් කරන පලස්තීනුවන්ට අවශ්‍ය ලෝක සානුකම්පාව අහිමි කිරීමයි. එසේ වුවද ඊශ්‍රායලය සීමාව ඉක්මවා ම්ලේච්ඡකම් කරන නිසා පලස්තීනයට නිතැතින්ම ලෝ වැසියාගේ අනුකම්පාව හිමි වෙමින් පවතියි. එසේ නම් මොස්කව් ප්‍රහාරය යනු මුස්ලිම් භීතිකාවට නැවතත් පණ දෙන්නට හා ලෝක අවධානය පලස්තීන වෙතින් ඉවත් කරන්නට සිදු කළ වංචනික වෑයමක්ද යන සැකය නිතැතින්ම පැන නැගෙයි.

Israeli Prime Minister Benjamin Netanyahu to undergo surgery for hernia,  office says - ABC News

සියොනිසවාදීන්ගේ ඉස්ලාම් භීතිකාවේ ප්‍රචාරණයේ සාර්’ථකත්වය, ගාසා තීරයේ ඊශ්‍රායලය සිදු කරන ජන සංහාරය එක්සත් ජනපදය ඉවසා සිටීම මෙන්ම සෙසු ලෝකයා එය නුදුටුවා සේ සිටීමෙන්ම පැහැදිලි වේ. කෙසේ වෙතත්, ගාසා තීරයේ ඊශ්‍රායලය සිදු කරන ම්ලේච්ඡත්වයේ දරුණු බව කෙතරම් දුරට සීමාව ඉක්මවා තිබේදයත් ඊශ්‍රායෙලයේ අඹ යහළුවන්ට පවා මෙයට වඩා නිහඬව සිටීම අසීරු වී අවම වශයෙන් රාමසාන් සමයේ ඉතිරි කාලයට හෝ සටන් විරාමයක් එහි ගෙන ආ යුතුය යන ජගත් මතයට සහය දැක්වීම හැර විකල්පයක් නොමැති තැනකට ඔවුන්ව තල්ලු කර තිබේ. පසුගිය අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඡන්ද විමසීමේදී සිරිත් පරිදි ඊශ්‍රායලයට සහය දක්වන ඇමරිකාව මෙවර සිය නිශේධ බලය ඊශ්‍රායලය වෙනුවෙන් භාවිතා නොකර ඡන්දය ප්‍රකාශ කිරීමෙන්ද වැළකී සිටියේය.
එසේ වුවද සිරිත් පරිදි මේ කිසිවකින් පසුබට නොවු ඊශ්‍රායලය ගාසාවට එරල්ල කරන ප්‍රහාර නොකඩවා සිදු කරමින් සිටියි. ගාසා යුද්ධයට දින 168 ක් සම්පුර්’ණ වන මේ මොහොතේ ඊශ්‍රායෙල හමුදා විසින් ඝාතණය කරන ලද පලස්තීන සිවිල් වැසියන් සංඛ්‍යාව 33,000 ඉක්මවා ඇත. එපමණක් නොව උතුරු ශාසාව ඊශ්‍රායලයට යා කර ගැනීමේ සිය නීති විරෝධී පියවරද ඊශ්‍රායෙල සුවසේ ඉදිරියට ගෙන යමින් සිටින්නේ එක්සත් ජාතීන්ගේ ඉල්ලීම්ද නොතකාය. මේ සම්බන්ධ වාර්’තාව සම්පාදනය කළ එජා විශේෂ වාර්’තාකරු ෆ්‍රැන්සෙස්කා අරුල්බේනීස් පෙන්වා දෙන්නේ එජා සමුළඝාතන සම්මුතියේ සඳහන් තහනම් ක්‍රියා 5 න් 3 ක්ම ඊශ්‍රායෙලය ගාසාවෙහි සිදු කර ඇති බවයි. එපමණක් නොව, එම වාර්තාව සකස් කිරීම නිසා තමන්ට ඇතැම් පාර්ශව වෙතින් මරණ තර්ජන පවා ඇති වු බවද ඇය පැවසුවාය.

මෙයට පෙර 1948 වසරෙහි නිදහස් පලස්තීනයක් බිහි කිරීමට අදාල යෝජනාවක් සම්පාදනය කිරීමේ වරදට ස්වීඩන් ජාතික රාජතාන්ත්‍රිකයෙකු හා එජා මැදිහත්කරුවෙකු වූ ෆෝක් බර්’නා ඩ් සිටුවරයාව ඊශ්‍රායල ත්‍රස්ත හස්තයක් වූ ලෙවි නම් කල්ලියේ සාමාජිකයෙකු විසින් වෙඩි තබා මරණ ලදි. ඊශ්‍රායල රජය ඔහුව අත් අඩංගුවට ගෙන සිරගත කළද පසුව සමාව දී නිදහස් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here