ඉස්ලාම් ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීමට විශේෂ අවස්ථාවක්

0
85
NEWSNOW | – මෙවර රාමසාන් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත ඉස්ලාම් ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීමට අවස්ථාව ලබාදීමට බන්ධනාගාර දෙපාර්’තමේන්තුව සූදානම වෙයි.
මෙවර රාමසාන් දිනය යෙදෙන අප්‍රේල් මස 11 වන දිනට බන්ධනාගාරගත ඉස්ලාම් ආගමික රැඳවියන් සඳහා පමණක් එදින අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදුකිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පවසයි.
මේ අනුව ඉස්ලාම් භක්තික රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට සරිලන ප්‍රමාණ‍යක් පමණක් ගෙන ඒමට උපදෙස් ලබාදී තිබේ.
පවතින නීතිරීති හා නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම‍වේදයන් යටතේ ඒවා ලබාදීමට සියලු බන්ධනාගාර ආයතන කටයුතු කරනු ඇති බව ද බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේය.