මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අද (28) වන විට ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව බස්නාහිර පළාතේ වැඩබලන නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය නවින්ද සොයිසා මහතා ප්‍රකාශ කරයි.
මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ පසුගිය මාසවලට සාපේක්ෂව දෛනිකව වාර්තා වන රෝගීන්ගේ යම් අඩුවීමක් දක්නට ලැබුණද පළාත් 7ක් තවමත් අධි අවදානම් මට්ටමේ පවතින බවයි.
එබැවින් ඩෙංගු අවදානම සම්පූර්ණයෙන්ම පහව ගොස් නොමැති බැවින්, අදාළ සෞඛ්‍ය උපදෙස් සහ පූර්වාරක්ෂිත පියවර නිසි පරිදි අනුගමනය කරන ලෙස විශේෂඥ වෛද්‍යවරයා මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

