අර්බුදයට ඇති එකම විසඳුම සාකච්ඡා පමණයි – ඉරානය කියයි

0
5

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමඟ පවතින උග්‍ර අර්බුදයෙන් ගොඩ ඒමට ඇති එකම විසඳුම රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පමණක් බව ඉරානය නැවතත් අවධාරණය කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ සටන් විරාමයක් සඳහා කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ඉරානය ඉදිරිපත් කළ සාම යෝජනාව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේ, හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානය ඉදිරිපත් කළ කොන්දේසි ඉටු විය යුතු අතර, පවතින ගැටුම් නිරාකරණය කරගත හැක්කේ සාකච්ඡා මාර්ගයෙන් පමණක් බවයි.

කෙසේ වෙතත්, ඉරානය අසරණ තත්ත්වයක පසුවීම නිසා මෙම යෝජනාව ඉදිරිපත් කළ බැවින් තමා එය ප්‍රතික්ෂේප කළ බව ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය වෙත පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here