මෙරට ගුණත්ව ආහාර සංස්කෘතියක් තිබීමේ අවශ්‍යතාවය හලාල් සහතිකකරණ කවුන්සිලය ඇතුලු ආහාර පාන ක්‍ෂේත්‍රය අවධාරණය කරයි

0
129

NEWSNOW | –  ශ්‍රී ලංකාවෙහි ආහාර සුරක්‍ෂිතතාවය හා ගුණත්ව සංස්කෘතියක් තිබීමේ අවශ්‍යතාවය හලාල් සහතිකකරණ කවුන්සිලය ඇතුලු ආහාර පාන ක්‍ෂේත්‍රය අවධාරණය කරයි.

පසුගිය මාර්’තු 21 ක් වන දින බියෝන්ඩ් කම්ප්ලයන්ස් යන මැයෙන් කොළඹ පැවති සම්මන්ත්‍රනක් පැවැත්විණ. මෙහි අරමුණ වුයේ ශ්‍රී ලංකාවේ අතිශය කාර්’යක්‍ෂමතාවයෙන් යුත් ආහාර සුරක්‍ෂිතාවය තහවුරු කරන ක්‍රියා රාමුවක් තිබීමෙහි අවශ්‍යතාවය අවධාරණය කිරීමයි.

1. හලාල් සහතිකකරණ කවුන්සිලයේ (HAC) ප්‍රධනා විධායක නිලධාරි හා අධ්‍යක්‍ෂ ආකිෆ් ඒ වහාබ් මහතා
2. UNIDO සංවිධානයේ ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර තාක්‍ෂණ විශේෂඥ ආචාර්’ය ජයිරෝ විලාමි ඩියාස් මහතා
3. කර්’මාන්ත සංවර්’ධන මණ්ඩලයේ සභාපති ආචාර්’ය සාරංග අලහප්පෙරුම මහතා
4. ජාත්‍යන්තර ආහාර සුරක්‍ෂිතතා නියාමන ආයතනයේ ආහාර අවදානම් විශ්ලේෂන හා නියාමන ප්‍රතිපත්ති මහාචර්’ය සැමුවෙල් ගොඩ්ෆ්‍රී මහතා
කෘෂි ආහාර සඳහා වන විශිෂ්ඨ සම්මත ව්‍යවහාර’ ’ (BESPA – FOOD) ව්‍යාපෘතිය යටතේ යුරෝපා සංගමයේ මුල්‍ය සහය සහිතව එක්සත් ජාතීන්ගේ කර්’මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) අහාර සහ කෘෂිකර්’මාන්ත සංවිධානය (FAO) එක්ව සංවිධානය කරන ලද ඉහත වැඩසටහනට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කර්’මා න්ත අමාත්‍යාංශ (කර්මාන්ත සංවර්’ධන මණ්ඩලය) සම අනුග්‍රහ දැක්විය.
පුද්ගලික අංශයේ සමාගම් හා ආයතන 88 ක සාමුහික දායකත්වය ලැබුනු මෙම සම්මන්ත්‍රනයට පුරෝගාමිව 2023 අගොස්තු සිට 2024 පෙබරවාරි දක්වා සංවාද මාලා කිහිපයකින් පවත්වන ලදි. එහි අත්‍යන්ත අරමුණ වුයේ ප්‍රතිපත්ති ලේඛනයක් සම්පාදනය කිරීමයි. සහභාගී වු සමාගම් අතර කර්’මා’න්ත සංගම්, නිෂ්පාදන ආයතන, අපනයනකරුවන්, ප්‍රාරම්භක නිෂ්පාදකරුවන්, සේවා සපයන්නන්, ආපානශාලා හිමියන්ද ඇතුලත් වුහ. උක්ත ප්‍රතිපත්ති ලේඛනයේ ඉලක්කය වුයේ ක්‍ෂේත්‍රයෙහි දක්නට ලැබෙන අභියෝග වෙත යොමු වෙමින් පුද්ගලික හා රාජ්‍ය අංශයේ සමීප සහභාගීත්වයෙන් යුතුව ඒකාබද්ධ ජාතික ආහාර පාලන ක්‍රමවේදයක් සම්පාදනය කිරීමයි. මෙවිට ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත්තේ මහජන සෞඛ්‍යය වෙතයි.
හලාල් සහතිකකරණ කවුන්සිලයේ ප්‍රධනා විධායක නිලධාරි හා අධක්‍ෂ ආකිෆ් ඒ වහාබ් මහතා මෙවිට ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානයේ වාර්’තාවක් සහ එක්සත් ජාතීන්ගේ කර්’මාන්ත සංවර්’ධන සංවිධානය (UNIDO) විසින් දීප්‍යාප්තව සිදු කරන ලද මුලික රේඛා සමීක්‍ෂයක් උපුටා දක්වමින් ප්‍රතිපත්ති ලේඛනයේ කොටසක අන්තර්’ගතයද ඉදිරිපත් කළේය. මෙම උපුටා දැක්වීම් අනුව නිෂ්පාදනය, පැසිරුම, බේදා හැරීම ඇතුලු ආහාර පාන කර්’මාන්ත ක්‍ෂේත්‍රයේ විවිධ තලයේ ක්‍රියාවලි පිළිබඳ නිසි සංවේදිතාවයක් නොමැති කම නිසා ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් ආහාර පාන මුල් කරගත් වැළැක්විය හැකි රෝග ගණනාවකට ගොදුරු වීමේ අවදානම පවතින බව ආකිබ් මහතා පෙන්වා දුන්නේය. මෙම කරුණ මත තියුණු ප්‍රෙක්‍ෂ්ක අවධානයක් යොමු වනු දැකිය හැකි විය.

ශ්‍රී ලාංකික සමාජයෙහි ආහාර සුරක්‍ෂිතතාව සහ ගුණත්ව සංස්කෘතියක් ගොඩනැගීමේ වැදගත්කම උක්ත ප්‍රතිපත්ති ලේඛනය ඉස්මතු කර පෙන්වුයේය. මෙම සංවේදිතාවය ප්‍රවර්’ධනය කිරීම සඳහා පුද්ගලික හා රාජ්‍ය අංශවල ඒකාබද්ධ මුලපිරීමක් අවශ්‍ය වන බව පෙන්වා දෙමින් හා ආහාර ආරක්‍ෂාව හා බැඳි අවදානම් ඵලදායී ලෙසින් අවම කිරීම උදෙසා අවශ්‍ය දැනුම, සංවේදිතාවය හා නිසි සම්මිති අනුගමනය කිරීමේ වැදගත්කමද පෙන්වා දෙමින් ආහාර අග දාමයේ සියලුම පලදරන්නන්ට මෙම විෂයයෙහි ඇති සාමුහික වගකීම වහාබ් මහතා අවධාරණය කළේය.
මෙවිට ඉස්මතු කරන ලද අනේක කාර්’ය ලක්‍ෂයන්වලට පහත කාරණාද ඇතුලත් විය:

■ ආහාර ආරක්‍ෂාව හා ගුණත්වය පිළිබඳ පාසැල් පටන් ගෘහස්ත පාරිභෝගියන් දක්වා දැනුම්වත් කිරීම
■ වඩාත් සශ්‍රීක අස්වැනු ලබා ගන්නට ඉවහල් වන විශිෂ්ඨ දෙස් විදෙස් කෘෂි චර්’යා ආදේශ කිරීම පිණිස ගොවි සමුහයා දැනුමෙන් බලගැන්වීම
■ පිළිගෙන ඇති හා යහ චර්යා සහ වෙනත් පැසිරුම් සම්මිතිවලින් ලබා ගන්නා ලද අවම ආහාර ආරක්‍ෂා මට්ටම් පිළිබඳ පුහුණුව ක්‍ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ව්‍යවශාය මුලපිරීම්වලට (MSME) ලබා දීම
මෙම පියවර ආර්’ථික අර්බුද ජයගැනීමේ අභියෝග හා ඉහළ යමින් පවතින ජීව වියදම් වාතාවරණයක් තුල, දේශීය මෙන්ම අපනයන වෙළඳපළේද ශ්‍රී ලාංකික නිෂ්පාදනවල තරගකාරී හැකියාව හා ජීවනෝපා තත්වයන් වැඩි දියුණු කර සමස්ත මහජන සෞඛ්‍යය ඉහළ ගෙන යනු ඇත.
අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ ආහාර ආරක්‍ෂාව සහ ගුණත්ව සංස්කෘතිය උසස් මට්ටමකට ගෙන යාමට ඉහත සම්මන්ත්‍රනය පරදුදරන්නන් හා රාජ්‍ය සහ පුද්ගලික අංශ පෙළ ගස්වන සුවිශේෂී කාර්’යභාරයක් ඉටු කළේය යැයි සඳහන් කළහොත් එය අතිශයෝක්තියක් නොවේ.

හලාල් සහතිකරණ කවුන්සිලය, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය, සමස්ත ලංකා කිරි නිෂ්පාදකයන්ගේ සංගමය, ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමය, කර්’මාන්ත සංවර්’ධන මණ්ඩලය, කර්’මාන්ත අමාත්‍යාංශය, පොල් සංවර්’ධන අධිකාරිය, පාරිභෝගික කටයුතු අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය විශ්ලේෂක දෙපාර්’තමේන්තුව, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්’තමේන්තුව, ශ්‍රී ලංකා ආහාර පැසිරුම්කරුයවන්ගේ සංගමය ආදි ආයතනවලින් සම්මන්ත්‍රනයට පැමිණ සිටි නියෝජිතයන් සහ නිලධාරින් පිරිස.