මෙටා සමාගමට අමෙරිකානු අධිකරණයකින් ඩොලර් බිලියන 25ක දඩයක්

0
16

තම පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සහ පාරිභෝගිකයන් නොමඟ යැවීමේ චෝදනාවලට වරදකරු වෙමින්, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය හිමිකාරීත්වය දරන මෙටා (Meta) සමාගමට අමෙරිකානු අධිකරණයක් විසින් ඩොලර් බිලියන 25ක දැවැන්ත දඩ මුදලක් නියම කර තිබේ.

සමාජ මාධ්‍ය සමාගමක් වෙත අධිකරණයක් විසින් ඉතිහාසයේ පැනවූ ඉහළම දඩ මුදල මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිව් මෙක්සිකෝ අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර, නියම කර ඇති මෙම දඩ මුදල අදාළ ප්‍රාන්තය තුළ මෙටා සමාගමේ එක් කාර්තුවක ලාභයට සමාන වන බව සඳහන් වේ.

මෙටා සමාගමේ විධායක නිලධාරීන් විසින් වසර ගණනාවක් පුරා පරිශීලකයන්ගේ නිසි අනුදැනුමකින් තොරව ඔවුන්ගේ පෞද්ගලික දත්ත තෙවැනි පාර්ශ්ව වෙත සපයා ඇති බව අධිකරණයේදී තහවුරු වී ඇත.

දත්ත ආරක්ෂාව පිළිබඳව අසත්‍ය තොරතුරු ලබා දෙමින් පරිශීලකයන් මුලා කිරීමේ වරදට මෙලෙස දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here