පසුගියදා අකුරණ ප්රදේශයේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් නිර්ලජ්ජිත අඥාණ වෛද්යවරයෙකු විසින් කරන ලද්දේ යැයි කියන ප්රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව මහනුවර දිස්ත්රික් අන්තර් ආගමික කම්ටුවේ විධායක සභික මහින්ද විජේසිරි මහතා පවසයි.
ඔහු පවසන්නේ අපගේ සහෝදර මුස්ලිම් ජාතියේ පවුල් වලට අපගේ සාතිශය සංවේගය පල කරන බවයි.
මේ රටේ කුමන ආකාරයේ අනතුරක් සිදුවුවත් එය අප ලාංකික ජනතාව සංවේගය පලකරන,සංවේගය පලකල යුතු, සහ ඔවුනට ශක්ති ප්රමාණයෙන් උදව් උපකාර කළ යුතුම සිදුවීමකි.එසේම අනතුර සිදුවීමෙන් තුවාල ලබා දැනට රෝහල් ගතව සිටින සියළු දෙනාට ඉක්මන් සුවය ප්රාර්ථනා කරන්නෙමු.
නැවතත් මනුෂ්යත්වයේ නාමයෙන් එම ප්රකාශය හෙලා දකින අතර එම ප්රකාශයෙන් සිත් තැවුලට පත් වූ සහෝදර මුස්ලිම් පවුල් වලට බහුතරයක් වු සිංහල ජනතාව වෙනුවෙන් සමාව අයද සිටිමු.
වෛද්ය වරයාගේ ප්රකාශය දැඩි පිළිකුලෙන් හෙළා දකින අතර ජාතිවාදය කුමන මට්ටමෙන් ආවත් එයට කොන්දේසි විරහිතව විරොධය පලකරන බවත් ඔහු අන්තර් ආගමික සාම පදනම වෙනුවෙන් පවසා සිටියි.

