පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (22) රාවල්පින්ඩි නගරයේදී ආරම්භ වීමට නියමිතය.
මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායමේ නායකත්වය හැරි බෘෘක් විසින් හොබවන අතර, ශ්රී ලංකා පිළ මෙහෙයවීමේ වගකම කුසල් මෙන්ඩිස් වෙත පැවරී ඇත.
මේ වන විට මෙම තුන්කොන් තරගාවලියේ තමන් සහභාගී වූ තරග දෙකම ජයග්රහණය කරමින් පාකිස්තාන කණ්ඩායම ප්රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමිකරගෙන සිටින අතර, ශ්රී ලංකාව සහ එංගලන්තය පිළිවෙළින් ප්රසාද ලකුණු සටහනේ දෙවන සහ තෙවන ස්ථානවල පසුවෙමින් අද දිනයේ තරග බිමට පිවිසෙයි.

