ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නීතීඥ හබීබ් රිෆාන් මහතා වසරක කාලයක් සඳහා පත් කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
පක්ෂයේ තීරණය මැතිවරණ කොමිසම වෙත නිල වශයෙන් යොමු කර ඇති අතර, ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතව ඇත.

