උගත් තරුණ විරැකියාවෙන් ශ්‍රී ලංකාව ආසියාවේ පළමු තැනට

0
17

ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිත ආසියාතික තරුණ තරුණියන් අතර වැඩිම විරැකියා අනුපාතයක් වාර්තා වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම වාර්තාවක් මගින් අනාවරණය කරයි.

වසර 13ක පාසල් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය නිමකරන උපාධිධාරීන් ඇතුළු උගත් තරුණ ප්‍රජාව රැකියා සිහිනය හඹා ගියද, වයස අවුරුදු 15ත් 24ත් අතර ඉහළම අධ්‍යාපන සුදුසුකම් ලාභී ශ්‍රී ලාංකික තරුණයන්ගේ විරැකියා අනුපාතය සියයට 43ක් තරම් ඉහළ අගයක පවතින බව එහි දැක්වේ.

ආසියාවේ දෙවනුව ඉහළම විරැකියා අගය ඉන්දියාවෙන් වාර්තා වන අතර ඉන්දුනීසියාව, මැලේසියාව සහ බංග්ලාදේශය ද මෙම ගැටලුවට මුහුණ දී සිටී.

එමෙන්ම ඉදිරියේදී ලොව පුරා තරුණ තරුණියන් බිලියන 1.2ක් රැකියා වෙළෙඳපොළට පිවිසියත් නිර්මාණය වනු ඇත්තේ රැකියා මිලියන 500ක් පමණක් බව ද එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here