ඇදහැලෙන වර්ෂාවත් සමඟ ගිං ගඟ සහ කළු ගඟ ආශ්‍රිතව නිකුත් කර තිබූ සුළු ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඊයේ (20) නිකුත් කරන ලද මෙම අනතුරු ඇඟවීම පවතින කාලගුණික තත්ත්වය සලකා බලමින් මෙලෙස දීර්ඝ කර ඇති අතර, ඒ අනුව එම ගංගා ද්‍රෝණිවල පහත්බිම්වල වෙසෙන ජනතාවගෙන් සහ ඒ අසල මාර්ග භාවිත කරන රියදුරන්ගෙන් අවධානයෙන් හා විමසිලිමත්ව කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

