ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා පිළිබඳ ඔහුගේ බිරිඳ වන රේන් වික්‍රමතුංග (Raine Wickrematunge) මහත්මිය විසින් රචිත ‘Unbowed and Unafraid’ කෘතියේ සිංහල පරිවර්තනය වන ‘ලසන්ත’ ග්‍රන්ථය එළිදැක්වීම එළඹෙන සැප්තැම්බර් 25 වන සිකුරාදා පස්වරු 3.00 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
කසුන් පුස්සවැල මහතා විසින් පරිවර්තනය කරන ලද මෙම කෘතිය ‘සයුර ප්‍රකාශන’ (Sayura Publications) ආයතනය විසින් ප්‍රකාශයට පත් කරනු ලබයි.
මෙම ග්රන්ථ එළිදැක්වීමේ උත්සවයට සමගාමීව ‘And Then They Came for Me’ නමැති වාර්තා චිත්‍රපටය ද ප්‍රේක්ෂකයින් උදෙසා තිරගත කිරීමට නියමිත බව සංවිධායක මණ්ඩලය පවසයි.

