මිලියන 442 ක වන්දියක් ගෙවන්න MT New Diamond හිමිකරුවන් එකඟ වෙයි

0
64

NEWSNOW   | –  MT NEW DIAMOND  නෞකාව  අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට ගෙවීමට නෞකාවේ හිමිකාර පාර්ශවය එකඟ වී තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කර සිටියේ නෞකාවේ හිමිකාර සමාගමේ නීතීඥවරුන් මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි.

මූලික වන්දි ගෙවීමක් ලෙස මීට පෙර නීතිපතිවරයා විසින් රුපියල් මිලියන 340 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ අතර පසුව අවසන් ඇස්තමේන්තුව ලෙස පසුගියදා තවත් මිලියන සියයක්ද ඇතුළත්ව රුපියල් මිලියන 442 ක වන්දි මුදලක් ලබා දෙන ලෙස දැනුම් දී සිටියා.