ඉන්දු – ලංකා අගමැතිවරුන් දෙදෙනා අතර ද්විපාර්ශ්වික සමුළුව අද

0
60

NEWSNOW   | – අගමැති මහින්ද රාජපක්ෂ සහ ඉන්දියානු අගමැති මෝඩි අතර අද දින ද්වි පාර්ශ්වික සමුළුවක් අන්තර්ජාලය හරහා සිදුවීමට නියමිත බව විදේශ කටයුතු ආමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පදවි ප්‍රාප්තියෙන් පසුව ඉන්දියානු අගමැති සමඟ දුරකථක මාර්ගයෙන් පැවති සාකච්ඡාවේදී මේ සමුළුව පිළිබඳව අවධාරනය යොමු කෙරිණි.

අද පැවැත්වෙන මෙම සමුළුවේදී දෙරට අතර දේශපාලන, ආර්ථික, නීති සම්පාදන, ආරක්ෂාව, අධ්‍යාපනය, සංචාරක කර්මාන්තය හා සංස්කෘතීන් වැනි ක්ෂේත්‍ර පිළිබඳව අවධාරනය යොමු කිරීමට නියමිතය.

මෙම සමුළුව සඳහා දෙරට ඇමතිවරුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලඨාරීන් ද සහභාගි වනු ඇති බව වාර්තා වේ.