බංග්ලාදේශයට ලකුණු 511ක ඉලක්කයක්

0
137
NEWSNOW| – බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 418ක් රැස්කරගත්හ.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නවක ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ටෙස්ට් දිවියේ දෙවන ශතකය වාර්තා කළේය.

හයේ පහර 6ක් සහ හතරේ පහර 16ක් සමග කමිඳු මෙන්ඩිස් ලකුණු 164ක් රැස්කර ගත් අතර නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා අද සිය 12 වන ටෙස්ට් ශතකය රැස්කරගැනීමට සමත්විය.

ලකුණු 108 ක් රැස්කරගත් ධනංජය හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් එල්ලකළේය.

කමිඳු මෙන්ඩිස් සහ ධනංජය සිල්වා විසින් පළමු ඉනිමේදී ද ශතකයක් රැස්කිරීම විශේෂත්වයකි.

පන්දු යැවීමේදී මෙහිදි හසන් මිරාස් ලකුණු 74කට කඩුලු 4ක් දවාගත්තේය.

නහිඩ් රණා සහ ටයිජුල් ඉස්ලාම් කඩුලු 2 බැගින් දවාගත්තේය.

සිය පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාව සියලුදෙනා දැවී ලකුණු 280ක් රැස්කරගත් අතර බංග්ලාදේශය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 188ක් පමණි.

ඒ අනුව පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට හිමිවූ ඉලක්කය ලකුණු 511කි.