පුද්ගලයින් 45 දෙනෙකු මරු කැඳවූ බස් අනතුර

0
154
NEWSNOW | – පාස්කු දේවමෙහෙය සඳහා සහභාගීවීමට යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් දකුණු අප්‍රිකාවේදී අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එහිදී බස්රථයේ ගමන්ගත් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් තිබේ.

ඊසාන දිග ලිම්පෝපෝ කලාපයේ මොරියා නගරයේ පැවැත්වෙන දේවමෙහෙය සඳහා සහභාගීවීමට අදාළ පිරිස ගැබරොන් සිට ගමන් කර ඇති බව වාර්’තා විය.
බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව පාලමකින් ඉවතට පැන මීටර් 50ක පමණ ප්‍රපාතයකට ඇදවැටී අනතුර සිදුවී තිබේ.
එම අනතුරින් 8 හැවිරිදි දැරියක් පමණක් දිවි බේරාගෙන ඇති අතර ඇය බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්’තා විය.

45 killed, 1 injured in bus accident in South Africa - India Today