දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම් දීමක්

0
60
NEWSNOW | – අද (29) සිට අනිද්දා (31) දක්වා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්’තමේන්තුව පවසයි.
වැල්ලවත්ත සහ කොටුව අතර දුම්රිය ධාවනය එක් මන්තීරුවකට සීමා කිරීම මීට හේතුවී ඇති බව එම දෙපාර්’තමේන්තුව පැවසීය.
නාගරික සංවර්’ධන අධිකාරිය විසින් වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර ඇති නල මාර්’ගයක සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවී තිබේ.
නමුත් ලබන ඉරිදා රාත්‍රියෙන් පසු දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වනු ඇති බව දුම්රිය දෙපාර්’තමේන්තුව වැඩිදුරටත් පැවසීය.