පුත්තලම නගර ශාලාවේ පැවති ලේ දන්දීමේ පින්කමට බොහෝ පිරිසක් එක් වෙති

0
77

NEWSNOW| –  කොළඹ පිහිටි ධර්ම ශක්ති ආයතනය හා කොල්ලුපිටිය මුස්ලිම් පල්ලිය එක්ව සංවිධාන කරන ලද ලේ දන්දීමේ කඳවුර ඊයේ (24) සාර්ථක පැවැත් වුණි.

පුත්තලම නගර ශාලාවේ පැවති මෙම ලේ දන්දීමේ කඳවුරට සියලුම ජාතීන් වල රුධිර පරිත්‍යාග කරන්නන් සහභාගී වී සිටියහ.

පුත්තලම මූලික රෝහලේ පවතින රුධිර හිඟයට පිළියමක් ලෙස ඔවුන්ගේ ඉල්ලීම පරිදි, රෝහලේද සහය ඇතිව මෙම ලේ දන්දීමේ කඳවුර පැවැත් වුණි.

ජාති භේදයකින් තොරව සියලු දෙනාගේම සහයෝගයෙන් පැවති මෙම ලේ දන්දීමේ කඳවුර පුත්තලම ප්‍රාදේශයේ ආගමික සංහිදියාවක් ශක්තිමත් කිරීමට උපකාරී වූ වැඩසටහනක් ලෙස හැදින්විය හැකිය.

මෙම වැසටහ සංවිධානය කිරීමට ධර්ම ශක්ති ආයතනයේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකාරක රුමයිස් මහතා ඇතුලු ප්‍රදේශයේ සාමය සහ සහජීවනය අගය කරන බොහෝ පිරිස් දායකත්වය දැක්වූහ.

මෙම වැසටහන ගෞරවනීය මාදම්පාගම අස්සජි අනුනායක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම මත, කොල්ලුපිටිය මුස්ලිම් පල්ලි සම්මේලනයේ සභාපති අල්හාජ් රිසාන් මහතා ඇතුලු පිරිසකගේ සහයෝගයෙන් පැවැත්වුණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here