පැය 14ක ජල කප්පාදුවක්

0
207

NEWSNOW| – කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (27) දිනයේ පැය 14ක කාලයක් ජල සැපයුම් අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

එම මණ්ඩලය සඳහන් කළේ කොළඹ 05, කොළඹ 06, දෙහිවල, ගල්කිස්ස සහ මොරටුව නගර සභා බල ප්‍රදේශ ජයන්තිපුර, පැලවත්ත යන ප්‍රදේශවල මෙම ජලසැපයුම අත්හිටුවන බවයි.

ඒ, අනුව හෙට (27) පස්වරු 5.00 සිට ඉරිදා (28) පෙරවරු 7.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් මීට හේතුවී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here