පාකිස්ථාන ජාතික දින සැමරුම කොළඹදී

0
90

NEWSNOW| –  කොළඹ, පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය විසින් පාකිස්ථාන ජාතික දින සැමරුම් උත්සවය ඊයේ(25) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සංවිධානය කර තිබුණි.

ඊට ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයින්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන්, රජයේ නියෝජිතයින්, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සහ පාකිස්ථාන ආධාරකරුවන් රැසක් සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ෆාහිම් උල් අසීස් මෙසේ පැවසීය.

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය ගෞරවය සහ විශ්වාසය මත සමීප සබඳතා පවත්වාගෙන යයි.

පාකිස්ථාන – ශ්‍රී ලංකා සබඳතාව වෙළඳාම, ආරක්‍ෂාව, විද්‍යාව, සංස්කෘතිය සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදෙන බව සඳහන් කළ ඔහු, පාකිස්තාන රජය සහ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සුබපැතුම් එක් කළේය.

මෙහිදී අදහස් දැක්වූ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ෆාහිම් උල් අසීස්  පැවසුවේ “පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය ගෞරවය සහ විශ්වාසය මත සමීප සබඳතා පවත්වාගෙන යයි.

පාකිස්ථාන – ශ්‍රී ලංකා සබඳතාව වෙළඳාම, ආරක්‍ෂාව, විද්‍යාව, සංස්කෘතිය සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදෙන බව සඳහන් කළ ඔහු, පාකිස්තාන රජය සහ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සුබපැතුම් එක් කළේය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහභාගී විය.

පාකිස්තානය ජාතික දිනය නිමිත්තෙන් සංස්කෘතික ප්‍රදර්ශනයක් ද සංවිධානය කර තිබුණි. මෙම සංස්කෘතික ප්‍රදර්ශනය කාගේත් අවධානයට ලක්ව තිබීම විශේෂත්වයකි.

පකිස්ථානයේ භූ දර්ශන, වාණිජ හැකියාවන්, ඓතිහාසික අඩිපාර සහ සංස්කෘතිය විදහා දැක්වෙන වාර්තා චිත්‍රපටයක් ද මෙහි ප්‍රදර්ශනය කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here