ශ්රී ලංකන් ගුවන් සේවය සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්ය අක්රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාළ නඩුව අද (14) කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතව තිබේ.
ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද අධිකරණය හමුවට පැමිණ තිබේ.
මීට පෙර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර තිබිණි.

