2026 නොවැම්බර් 9-20 දිනවල තුර්කියේ ඇන්ටාලියා හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමු සම්මුතියේ (UNFCCC) 31 වන පාර්ශ්වකරුවන්ගේ සමුළුවේ (COP31) න්යාය පත්රය සාකච්ඡා කිරීම සඳහා ශ්රී ලංකා ජනාධිපති මහලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ සහ ශ්රී ලංකාවේ තුර්කි තානාපති සෙමිහ් ලුට්ෆු තුර්ගුට් (Semih Lütfü Turgut) අතර සාකච්ඡාවක් ඊයේ (13) පැවැත්වුණි.
මෙහිදී 2026 නොවැම්බර් 9-20 දිනවල තුර්කියේ ඇන්ටාලියා හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමු සම්මුතියේ (UNFCCC) 31 වන පාර්ශ්වකරුවන්ගේ සමුළුවේ (COP31) න්යාය පත්රය ජනාධිපති ලේකම්වරයා වෙත තුර්කි තානාපතිවරයා විසින් ලබා දෙන ලදී. හමුවීමට ලැබීම ගෞරවයක්.



මේ අතර 2026 නොවැම්බර් 9 සිට 20 දක්වා තුර්කියේ අන්ටාලියා (Antalya) හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ (UNFCCC) පාර්ශ්වකරුවන්ගේ 31 වන සමුළුව (COP31) සම්බන්ධයෙන් ශ්රී ලංකාවේ අපේක්ෂාවන්, ප්රමුඛතා සහ සහයෝගීතා අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්රී ලංකාවේ පරිසර අමාත්ය ගරු ආචාර්ය දම්මික පටබැඳි මහතා ද හමුවී තානාපතිවරයා සාකච්ඡා පවත්වා තිබේ.


