14 වන ලියෝ පාප් වහන්සේට ශල්‍යකර්මයක්

0
18

14 වන ලියෝ පාප් වහන්සේ රෝමයේ ජෙමෙල්ලි රෝහලේදී අඟහරුවාදා දින අත්‍යවශ්‍ය ශල්‍යකර්මයකට භාජනය කළ බව වතිකානුව නිවේදනය කරයි.

වීඩියෝ ආධාරක තාක්ෂණය භාවිත කරමින් මිනිත්තු 90ක පමණ කාලයක් තුළ සිදුකළ මෙම සැත්කමේදී පාප් වහන්සේගේ දකුණු පෙනහල්ලේ පහළ කොටස සාර්ථකව ඉවත් කර ඇත. කිසිදු සංකූලතාවකින් තොරව ශල්‍යකර්මය නිමාවට පත්වූ බව වතිකානය සඳහන් කරයි.

කෙසේ වෙතත්, ශල්‍යකර්මයේදී ලබාගත් පටක පරීක්ෂා කිරීමේදී, මීට පෙර පූර්ව පරීක්ෂණ මඟින් සැක කර තිබූ පෙනහළු ඇඩිනොකාර්සිනෝමා (Lung Adenocarcinoma) නමැති පිළිකා තත්ත්වය තහවුරු වී ඇති බව වෛද්‍යවරුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here