පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අදත් අධිකරණයට

0
16

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් (Airbus) ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවෙකු ලෙස නම් කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව අද (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව තිබේ.

මෙම සිද්ධියට අදාළ මුල් තොරතුරු වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කළ අතර, ප්‍රශ්නගත එයාර්බස් සහ ක්‍රිෂ් (Krrish) ගනුදෙනුවලට අදාළ අල්ලස් නඩුවලට සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (29) නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here