රනිල් සහ සමන් ඒකනායකගේ නඩුව අද අධිකරණයට

0
23

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත පොදු දේපොළ පනත යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලබයි.

මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර උද්ධෘත නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ඉදිරි ස්ථාවරය දැනුම් දීම සඳහා නඩුව අද දින යළි කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here