සංක්‍රමණිකයින් ඔවුන්ගේ මව් රටවලින් බැහැර වෙනත් තෙවන රටවලට පිටුවහල් කිරීමේ වැඩසටහන යළි ආරම්භ කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබේ.
ඒ අනුව, තෙවන රටකට පිටුවහල් කිරීමට පෙර තමන්ට මුහුණදීමට සිදුවන අනතුරු සම්බන්ධයෙන් අදහස් දැක්වීමට සංක්‍රමණිකයන්ට පවතින හිමිකම තාවකාලිකව අත්හිටුවමින් මෙම තීන්දුව ලබාදී ඇත.
බොස්ටන් දිස්ත්‍රික් අධිකරණය විසින් මෙම ප්‍රතිපත්තිය නීතිවිරෝධී බවට ලබාදී තිබූ තීන්දුව අභියෝගයට ලක් කරමින් අධිකරණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර, ලිබරල් විනිසුරුවන් තිදෙනාගේ විරෝධතාව මැද ලබාදුන් මෙම තීන්දුව සම්බන්ධ අවසන් විභාගය එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.

