ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

0
182

NEWSNOW| – පැය 12ක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ සපුගස්කන්ද විදුලි උප පොළෙහි හදිසි අලුත්වැඩියාවක් හේතුවෙනි.

මෙම ජල කප්පාදුව අප්‍රේල් මස 24 වන බදාදා පෙ.ව 8.30 සිට ප.ව 8.30 දක්වා සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක / සීදුව නගර සභා ප්‍රදේශයටත්, කැලණිය, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවන බවයි ඔවුන් වැඩිදුරටත් දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here