දුම්රිය වර්ජනය අදත්

0
11

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද (18) මධ්‍යම රාත්‍රී 12 දක්වා තවදුරටත් ක්‍රියාත්මක වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි.

දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාවන්ට විසඳුම් නොලැබීම නිසා මෙම පියවර ගත් බවත්, රජය මේ සඳහා කඩිනම් පියවර ගත යුතු බවත් එම සංගමය පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, වෘත්තීය ක්‍රියාමාර්ගය පැවැතියද අද දිනයේ කාර්යාල දුම්රිය මෙන්ම කන්කසන්තුරේ නගරාන්තර, යාල්දේවී, මන්නාරම සහ රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු ප්‍රධාන දුම්රිය ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here