අදත් දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී. 50 ඉක්මවන වැසි

0
16

බස්නාහිර, සබරගමුව, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන ප්‍රදේශවලට විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවනු ඇත.

ඊට අමතරව, ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි ප්‍රබල සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් දෙයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here