ඉරානය සමඟ පවතින අර්බුදය අවසන් කිරීම සඳහා නැවතත් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තමා තීරණාත්මක සංවේදී තීරණයකට එළඹ සිටින බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ ඉරානයට ඇතුළු වී ඔවුන් විනාශ කරන්නේද යන්න පිළිබඳ ඉදිරියේදී විශාල තීරණයක් ගැනීමට සිදුව ඇති බවයි.
මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නීති විරෝධී ලෙස ගමන් කිරීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් ටෝගෝ රාජ්‍යයේ කොඩිය රැගත් තෙල් නෞකාවකට ප්‍රහාර එල්ල කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය පවසයි.
මෙම ප්‍රහාරය හේතුවෙන් අදාළ තෙල් නෞකාවේ ගිනිගැනීමක් හටගෙන එහි ගමන නතර වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

