ජපානයේ නිෂින් නගරයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 86කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 160ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ලෙස මැලේසියානු කණ්ඩායමට පන්දුවාර 20 තුළ ලබාගත හැකිවූයේ කඩුලු 7ක් දැවී ලකුණු 74ක් පමණි.
ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ නායිකා චමරි අතපත්තු පන්දු 37කින් ලකුණු 63ක් සහ කවීෂා දිල්හාරි පන්දු 27කින් නොදැවී ලකුණු 44ක් රැස් කිරීමට සමත් වූහ.

