ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රශ්නගත එයාර් බස් (Airbus) ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (18) යළි අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
පසුගිය සැප්තැම්බර් 04 වනදා අදාළ විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් ඒ මහතා, අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියේය.

