දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ: ප්‍රදේශ රැසකට රතු නිවේදන

0
9

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.

ඒ අනුව, 3 වැනි මට්ටමේ (රතු) නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්, 2 වැනි මට්ටමේ (තැඹිලි) අනතුරු ඇඟවීම් සහ 1 වැනි මට්ටමේ (කහ) නිවේදන ලෙස ප්‍රදේශ වෙන් කර ඇති ආකාරය පහත පරිදි වේ:

3 වැනි මට්ටම (රතු) – ඉවත් වීමේ අනතුරු ඇඟවීම්

  • ගාල්ල: නෙළුව

  • කළුතර: වලල්ලාවිට

  • මහනුවර: පස්බාගේ කෝරළේ

  • කෑගල්ල: මාවනැල්ල, දෙහිඕවිට, යටියන්තොට, දැරණියගල, අරණායක

  • නුවරඑළිය: නෝර්වුඩ්, කොත්මලේ නැගෙනහිර, අඹගමුව, කොත්මලේ බටහිර

  • රත්නපුර: රත්නපුර

2 වැනි මට්ටම (තැඹිලි) – විමසිලිමත් වීමේ අනතුරු ඇඟවීම්

  • කොළඹ: පාදුක්ක

  • ගාල්ල: නාගොඩ, තවලම

  • කළුතර: පාලින්දනුවර, අගලවත්ත, බුලත්සිංහල, ඉංගිරිය

  • මහනුවර: ගඟඉහළ කෝරළේ, උඩපළාත

  • කෑගල්ල: වරකාපොළ, බුලත්කොහුපිටිය, ගලිගමුව, කෑගල්ල, රුවන්වැල්ල

  • මාතර: අකුරැස්ස, අතුරලිය, කොටපොළ, පිටබැද්දර

  • නුවරඑළිය: තලවාකැලේ

  • රත්නපුර: පැල්මඩුල්ල, කුරුවිට, අයගම, නිවිතිගල, කලවාන, ඇලපාත

1 වැනි මට්ටම (කහ) – අවධානයෙන් සිටීමේ නිවේදන

  • කොළඹ: සීතාවක

  • ගාල්ල: නියාගම, බද්දේගම

  • ගම්පහ: මීරිගම, අත්තනගල්ල

  • මහනුවර: යටිනුවර, පාතදුම්බර, දොළුව, උඩුනුවර

  • කෑගල්ල: රඹුක්කන

  • කුරුණෑගල: අලව්ව, මාවතගම, පොල්ගහවෙල, මල්ලවපිටිය

  • මාතර: පස්ගොඩ

  • රත්නපුර: ඇහැලියගොඩ, කහවත්ත, කොලොන්න, ඉඹුල්පේ

අදාළ ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑමේ, පස් කඳු කඩා වැටීමේ සහ ගල් පෙරළීමේ පූර්ව ලක්ෂණ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍යතාවය අනුව ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙසත් ආපදා කළමනාකරණ අංශ වැඩිදුරටත් දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here