පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩුවේ තීන්දුව හෙට (22) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පැවැති මෙම දීර්ඝ නඩු විභාගයේදී පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබා දී තිබේ.
දිනපතා පැවැත්වූ සාක්ෂි විමසීම් අවසන් කිරීමෙන් පසු, තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා සැප්තැම්බර් 22 වන දින නියම කරන ලද්දේ පසුගිය අගෝස්තු 24 වනදාය.

