දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 171ක් සූදානම් කර ඇති බව නාවික හමුදාව නිවේදනය කරයි.
මෙයින් කණ්ඩායම් 14ක් අද (21) දින දකුණු සහ බටහිර නාවික විධානයන් හරහා ක්ෂණික මෙහෙයුම් සඳහා ස්ථානගත කර තිබේ.
ඒ අනුව, දකුණු නාවික විධානය මඟින් තවලම, හිනිදුම, මාපලගම සහ නාගොඩ යන ප්‍රදේශවල කණ්ඩායම් 5ක්ද, බටහිර නාවික විධානය මඟින් නාවලපිටිය, යටියන්තොට, සීතාවක සහ රත්නපුර යන ප්‍රදේශවල කණ්ඩායම් 9ක්ද අවශ්‍යතාව අනුව සේවයේ යෙදවීමට ස්ථානගත කර ඇත.

