අයහපත් කාලගුණය නිසා නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

0
15

ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපවලට අයත් සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල් 13කට අද (21) දින නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබේ.

පවතින කාලගුණ තත්ත්වය මත පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය විදුහල්පතිවරුන් වෙත පවරා තිබූ අතර, ඒ අනුව නුවරඑළිය කලාපයේ පාසල් 156න් 4කටත් හැටන් කලාපයේ පාසල් 150න් 9කටත් මෙසේ නිවාඩු ලබා දී ඇත.

කෙසේ වෙතත්, එම කලාප දෙකෙහි සසුදුරු පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වැඩිදුරටත් සඳහන් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here