පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි 1 බැගින් විවෘත කර ඇති බැවින්, ජලාශයෙන් පහළ ප්‍රදේශවල ජීවත් වන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
මීට අමතරව, කැළණි සහ අත්තනගලු ඔය ද්‍රෝණි ආශ්‍රිත ප්‍රදේශවලද ඊයේ රාත්‍රියේ සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.

