දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූ බදුල්ලේ පවුල් 41කට නව නිවාස ඉදිකිරීමට මුල්ගල් තැබේ

0
17

දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස අහිමි වූ සහ අධි අවදානම් ප්‍රදේශවල ජීවත් වූ පවුල් සඳහා නව නිවාස ඉදිකර ගැනීමට එක් පවුලකට රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීමේ වැඩසටහන යටතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පූර්ණ වශයෙන් හානි වූ නිවාස 41ක් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට මුල්ගල් තැබීම වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) මහතැන්න මැදලේයාය රජයේ ඉඩමේදී සිදු කෙරිණි.

අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මෙලෙස නව නිවාස ඉදිකිරීම ආරම්භ කළ අතර, මෙහි දෙවන අදියර යටතේ ආපදාවෙන් අර්ධ වශයෙන් නිවාස හානි වූ පවුල් 45ක් සඳහා රුපියල් ලක්ෂ 02 බැගින් වූ වන්දි චෙක්පත් ප්‍රදානය කිරීමද සිදු විය.

ආපදාවට ලක් වූ ජනතාව කඩිනමින් ආරක්ෂිත සහ ස්ථාවර ජීවන තත්ත්වයකට පත් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ඒකාබද්ධව අඛණ්ඩ රාජ්‍ය මැදිහත්වීමක් සිදු කරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළ අතර, මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here