ත්‍රීරෝද රථ පළමු කිලෝමීටරය රුපියල් දහයකින් වැඩි කරයි

0
471

NEWS NOW | COLOMBO – ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කිරීමත් සමඟ ත්‍රීරෝද රථ ගාස්තුද ඉහළ නැංවීමට ත්‍රීරෝද රථ වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා අය කිරීම රුපියල් පනහේ සිට රුපියල් හැට දක්වා රුපියල් දහයකින් වැඩි කිරීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත්, දෙවන කිලෝමීටරයට අය කරන ගාස්තුව සංශෝධනය නොකිරීමට ත්‍රීරෝද රථ වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ගාස්තු වැඩි නොකර තවදුරටත් තම සේවාව පවත්වාගෙන යාමට නොහැකි බවයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

සමස්ත ලංකා ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුදිල් ජයරුක් ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් දක්වා සිටියා.

මේ අතර, ඉන්ධන මිල වැඩිවීමත් සමඟ බස් ගාස්තුද වැඩි කිරීමට සිදුවන බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කළේ.

එහි සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවයි.